ආණ්ඩුව නූල කැඩුණු සරුංගලේ වගේ අයාලේ යනවා..! ජනපතිට අවුරුදු 3ක තියා මාස තුනක වැඩපිළිවෙළක් නෑ..! – මුජිබර් රහුමාන්…

January 31, 2022 at 2:31 pm | by emanisa.lk

මේ ආණ්ඩුව කිසිදු ආකාරයේ වැඩපිළිවෙළක්, සැලැස්මක් නැති නූල කැඩිච්ච සරුංගලය වගේ එහෙට මෙහෙට පාවෙන අයාලේ යන ආණ්ඩුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

රහුමාවන් පවසන්නේ ඉදිරි අවුරුදු තුන හොඳට කරනවා කියා ජනාධිපතිවරයා පැවසුවත් එතුමන්ට අවුරුදු තුනක සැලැස්මක් තියා මාස තුනක සැලැස්මක්වත් නෙැමැති බවයි.

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සැලැස්මක් නැතුව මේ රට බාර ගෙන රට විනාශ මුඛයට ගෙන ගොස් ඇති බවත් තව දුරටත් බොරු බේගල් ඇද බා ජනතාව රවට්ටනවා වෙනුවට ඉදිරි අවුරුදු තුනක සැලැස්ම ඉදිරිපත් කරන්න කියා අභියෝග කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.

කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වමින් ඔහු මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *