ලක්ෂ 16ක රාජ්‍ය සේවකයින්ගෙන් 40%ක් කාලකන්නි…! කාල බීල කම්පියුටර් ගේම් ගහල ගෙදර යාම රාජකාරියයි…! – සමීක්ෂණයක් හෙළි කරයි…

January 29, 2022 at 12:14 pm | by emanisa.lk

රාජ්‍ය සේවයේ නියුතු සේවක සේවිකාවන්ගෙන් සියයට 30-40%ත් අතර සංඛ්‍යාවක් සිය රාජකාරි නිසි පරිදි ඉටු නොකර බොහෝ අවස්ථාවල නිකරුණේ කාලය ගත කරන බව සමීක්ෂණයක දී පෙනී ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

මෙලෙස සිය රාජකාරියට දායකත්වය නොදක්වා නිද්‍රාශීලීව කටයුතු කරන පිරිස් හඳුනා ගෙන එම තත්ත්වය වැළැක්වීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශ අවධානය යොමු වී ඇත. ආයතන ප්‍රධානීන්ට එහි දී විශේෂ වගකීම් පැවරීමටද එම වගකීම් ඉටු නොකරන ප්‍රධානීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ද මෙහි දී කටයුතු කෙරෙනු ඇත.

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සියලු ම රාජ්‍ය සේවකයන් සිය රාජකාරි සඳහා සක්‍රීයව දායක කර ගැනීම වැදගත් බව අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් අවධාරණය කළේ ය.

මේ ආකාරයට නිකරුණේ නිද්‍රාශීලී ලෙස කටයුතු කිරීම සඳහා සමහර ආයතනවල ව්‍යුහාත්මකවද පරිසරය සැකසී ඇති බවත් එවැනි ආයතන සම්බන්ධයෙන් ඉදිරියේදී පුළුල්ව සොයාබැලීමක් කරන බවත් එම නිලධාරියා සඳහන් කළේය.

සේවකයන් රාජකාරි කටයුතු සඳහා උපරිමයෙන් දායක කර ගැනීම ආයතන ප්‍රධානියාගේ වගකීමක් විය යුතු බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ලක්ෂ 16කට අධික සමස්ත රාජ්‍ය සේවකයින් අතර විශාල ප්‍රමාණයක් කෑම බීම අනුභව කර සහෝදර සේවකයන් සමග හෝ සිය පරිගණකය හෝ ජංගම දුරකථනය යොදාගෙන විවිධ ක්‍රීඩාවල නිරත වී නිවෙස්වලට යන බව සොයාගෙන ඇතැයි අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස