උඩින් ගිය මැති ඇමැතිලාගෙන් ගුවන් හමුදාවට ලක්ෂ 120ක පොල්ලක්…!

January 28, 2022 at 10:58 am | by emanisa.lk

හිටපු මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රභූවරුන්ගේ ගමන් බිමන් සඳහා කුලියට ගත් ගුවන් යානා වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අය විය යුතු රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම මුදල් ගෙවීම පැහැර හරිනු ලැබ ඇතැයි පැවසෙන්නේ අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන 10 ක් සහ පෞද්ගලික ආයතන දෙකක් විසිනැයි එම කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

මේ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් 2003-2013 අතර කාලයේදී ලබාගත් ගුවන් යානා වෙනුවෙන් රුපියල් ලක්ෂ 60කට වැඩි මුදලක්ද 2013- 2018 අතර කාලයේදී ලබාගත් ගුවන් යානා වෙනුවෙන් තවත් රුපියල් ලක්ෂ 60කට වැඩි මුදලක්ද ගෙවීම මෙලෙස පැහැර හැර ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මෙම මුදල් මේ දක්වාම ගෙවා නැතැයි ද වාර්තාවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *