වී කිලෝවක් රුපියල් 120ට වඩා අඩුවෙන් දෙන්නට ගොවීන් සූදානම් නැතැයි පොලොන්නරුව ගොවි නායකයෝ කියා සිිටිති.
වකුගඩු දෙක බේරා ගැනීම සඳහා අපට කාබනික පොහොර යොදා වී වගා කරන්නැයි උපදෙස්දී දැන් රටින් ගේන හාල් කාබනිකදැයි ඔවුහු ආණ්ඩුවෙන් ප්‍රශ්න කළහ.
මේ පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මෙසේ ද කියා සිටියේය.
“කාබනික පොහොර භාවිතය නිසා අද ගොවීන්ගේ අස්වැන්න සියයට 40ක් – 50ක් අඩු වෙලා. දැන් අස්වැන්න නෙළන අනෙක් දිස්ත්‍රික්ක දිහා බලන කොට සීයට 60ක් විතර අඩුවෙලා.
මේකට විකල්පයක් විදියට මහින්දානන්ද ඇමතිතුමා කියනවා මිලියන 40,000ක් වෙන්කරලා කියලා ගොවීන්ට වන්දි ගෙවන්න. මම ලංකාවේ ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ ප්‍රකාශය ගැන නැවත නැවත අධ්‍යයනය කරන්න.