එදා දෙමළ ජාතික දේශපාලකයන් මා අඩු කුලේ බව පවසමින් කොන් කර දමන ලදී. සමහර අවස්ථාවල ප්‍රසිද්ධියේ ම මාගේ කුලය ඈඳා ගනිමින් අවමන් කරද්දී මා අසරණව බිම බලාගෙන ගිය අවස්ථා ඇත. යාපනයේ බහුතරය මේ ඔවුන් කියනා කුලයෙන් හීනයැයි සම්මත පිරිසයි.
එදා 2015 ජනාධිපතිවරණ සමයේ තමා නැවතී සිටි හෝටලයේ දී මා එහි සිටිනු දුටු මහින්ද රාජපක්ෂ නම් ඒ සොඳුරු මිනිසා මා ළඟට කැඳවා ඔහු අසලින් වාඩිකරවා ගෙන ඔහු සමග ආහාර ගැනීමට ආරාධනා කරන ලදී. කුලය නිසා එදා යාපනයේ දෙමළ දේශපාලකයන් එන වේදිකාවකටවත් නග්ගවා නොගත් මා හට එය ඉතා සංවේදී මොහොතකි.
පසුගිය දින අත්‍යවශ්‍ය කටයුත්තකට පාර්ලිමේන්තුවට ගිය අවස්ථාවේ මා එහි සිටිනු දුටු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මා ළඟට කැඳවා මා හා සුහදවා සාකච්ඡා කරන ලදී. මේ ඒ අවස්ථාවේ ලබාගත් ජායාරූපයකි.
යාපනයේ වර්තමානයේ අති බහුතරයක් වූ උපතින් කුල හීන යැයි හඳුන්වන ජනයා බුදු වදන අනුව “උපතින් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවන බවත් ක්‍රියාවෙන් පමණක් එය වන බවත්” යන පාඨය අනුගමය කරමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමටත් එකම රටක් තුළ සිංහල දෙමළ හා අනෙකුත් ජාතීන්ට සාමකාමීව ජීවත්විය හැකි පරිසරයක් තැනීමට මාගේ ඉදිරි ජීවිතයේ සම්පූණ කාලය ම වැය කරමි.
– අරුන් සිද්ධාර්ත්