කාබනික පොහොර ප්‍රවර්ධනය ඉවරයි..! රසායනික පොහොරටත් සහනාධාර…!

January 20, 2022 at 6:24 pm | by emanisa.lk

ඉදිරි මාස තුන ඇතුළත රසායනික පොහොර සඳහා සහනාධාරයක් ලබා දීමට හෝ පොහොර මිල අඩු කිරීමට හෝ කටයුතු කරන බව වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කරයි.

ඇනවුම් කරන ලද පොහොර තොග මෙරටට ලැබී තිබෙන නිසා පෙබරවාරි මාසය වන විට පොහොර අර්බුදය සම්පූර්ණයෙන්ම විසඳීමට හැකිවනු ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.

හිඟයකින් තොරව සහන මිලට ජනතාවට පොහොර ලබාදීමේ වැඩපිළිවළක් සකස් කර ඇති බවත් වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ අනාවරණය කළේය.

ගාල්ල නෙලුව ප්‍රදේශයේ පැවැති උත්සවයක දී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *