රට ගොඩනැගීම සඳහා තරුණ පරපුරේ දායකත්වය ලබා ගැනීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
යොවුන් පරපුර රට ගොඩගැනීමේ වැඩපිළිවෙළෙහි කොටස්කාරයින් බවට පත්කර ඔවුන්ට නායකත්වය ලබා දීම ඔස්සේ රටට නැවුම් විසඳුම් ලබා දීමට සමගි විහිදුම් බලගණය ඔස්සේ කටයුතු කරන බවයි, ඔහු අවධාරණය කළේ.
කොළඹ අද (14) පැවැති මාධ්‍ය හමුවක දී විපක්ෂ නායකවරයා පැවසුවේ එම වැඩසටහන රත්නපුරය නගරයෙන් හෙට දිනයේ ආරම්භ කරන බවයි.