වැලිකඩ හිරගෙදර රඳවා සිටි රැඳවියන් සමූහ වශයෙන් ඝාතනය කිරීමේ චෝදනාවන්ට ලක් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස් කර නිදහස් කිරීමටත් මැගසින් බන්ධනාගාරයේ හිටපු අධිකාරි එමිල් රංජන් ළමාහේවාට මරණ දඬුවම ලබා දීමටත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (12) නියෝග කළේය.
මේ රටේ මහත් කළබගෑනියකට තුඩුදුන් මෙම සිද්ධිය පිළිබඳ නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලිමකට අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කෙරිණි.
එම නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුන් වන ගිහාන් කුලතුංග (සභාපති), මංජුල තිලකරත්න, සහ ප්‍රදීප් හෙට්ටආරච්චි යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්රනාශයට පත් කළේය.