යහපාලන ආණ්ඩුවේ රණවිරු දඩයමට තිත තියන්න…! සියලු නඩු ඉවත් කරන්න…! රණවිරුවන් නිදොස් කොට නිදහස් කරන්න…! – ජනපති කොමිසම….

February 6, 2021 at 7:17 am | by emanisa.lk

පසුගිය රජය සමයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුව ගෙන සිරගත කරනු ලැබූ බුද්ධි අංශ රණවිරුවන්ට එරෙහිව පවරා ඇති සියලු නඩු ඉවත් කර ඔවුන් අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම මගින් නිර්දේශ කර තිබේ.

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර, රියර් අද්මිරාල් ඩී. කේ. පී. දසනායක, කර්නල්වරුන් වන ශම්මි කුමාරරත්න, ප‍්‍රබෝදය සිරිවර්ධන, එරන්ත පීරිස්, සීවලී බුලත්වත්ත, කපිතාන් සුමිත් රණසිංහ, කමාණ්ඩර්වරුන් වන අනිල් මාපා, දයානන්ද, ප‍්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුළු රණවිරුවන් 25 දෙනකුට පමණ එරෙහිව පවරා ඇති නඩු මෙසේ ඉවත් කරන ලෙස නිර්දේශ කර ඇත.

ඔවුන් කරන ලද පැමිණිලි අනුව ජනාධිපති කොමිසම මගින් සිදු කරන ලද දීර්ඝ සාක්‍ෂි විමසීමකින් අනතුරුව කොමිසම මෙම නිර්දේශ ඉදිරිපත් කළේය.

එහි දී විභාගයට ගැනුණු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රාජකාරි කළ පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීවට සහ බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන්ට එරෙහිව මේ වන විට ත්‍රිපුද්ල මහාධිකරණය හමුවේ විභාග වෙමින් තිබෙන නඩුව තවදුරටත් පවත්වා ගෙන යන්නේ ද යන්න පිළබඳ කොමිෂන් සභාවේ දී හෙළි වූ කරුණු මත නීතිපතිවරයා විසින් තීරණයක් ගතයුතු බව ද අදාළ වාර්තාව මගින් නිර්දේශ කර ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *