කාබනික හුටපටේ නිසා මගේ දේශපාලන ජීවිතය විනාශ වුණා..! – මහින්දානන්ද…

January 12, 2022 at 1:39 pm | by emanisa.lk

කාබනික වගා වැඩසටහන ක්‍රියාත්මක කරන්න ගොස් තමාගේ වසර 32ක දේශපාලන ජීවිතය විනාශ වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

මහ කන්නයේ කාබනික වගා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ගොවීන් කරන චෝදනා අසාධාරණ නැතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

කරුණු මෙසේ වුණත් කාබනික වගා වැඩසටහන රටටත් ජනතාවටත් ඉතා වැදගත් වූ වැඩපිළිවෙළක් නිසා තමා ඉදිරියටත් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගන්නට ජනාධිපතිවරයා හා රජය සමඟ කැප වෙන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

ගොවි සංවිධාන ජාතික බලමණ්ඩලය සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *