සහල් කිලෝව රු. 200ට යනවා…! ඊට රජය වගකිව යුතුයි…!

January 10, 2022 at 10:55 am | by emanisa.lk

වැඩි දවසක් යාමට පෙර සහල් කිලෝවක මිල රු. 200 දක්වා ඉහළ යනු ඇතැයි සමස්ත ලංකා මෝල් හිමියන්ගේ සංගමය පවසයි.

මහ පරිමාණ සහල් මෝල් හිමියන් සිදුකරන්නේ සංවිධානාත්මක මංකොල්ලයක් බවත් මිල පාලනයෙන් ඉවත් වූ රජය ඊට වගකිව යුතු බවත් ඔවුහු පෙන්වා දෙති.

මේ වන විට වී කිලෝවක් රු. 100ක් වන අතර නිෂ්පාදන වියදම රු. 70ක් බවත් සහල් කිලෝවක සිල්ලර මිල රු. 180-185ක් දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති බවත් එම සංගමය ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *