අගමැති මහින්ද රාජපක්ෂ තනතුරින් පහ කිරීම සඳහා පවුලේ ම පිරිසක් කටයුතු කරමින් ඇතැයි මාධ්‍ය වාර්තා පළවෙයි.
මහින්ද රාජපක්ෂ සිය ඇමැති ධූර පවා පවුලේ අය සඳහා පරිත්‍යාග කළ ද ඔවුන් එමගින් කිසිසේත් සෑහිමකට පත්ව නැතැයි ද එම වාර්තා හෙළි කරයි.
පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් විශ්‍රාම යන බවට සහ බැසිල් රාජපක්ෂ අගමැති ධූරයෙහි දිවුරුම් දෙන බවට ද පුවත් ප්‍රචාරය විය.
මහින්ද රාජපක්ෂ අගමැති තනතුරින් ඉවත් කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අලුතින් කාර්යාලයක් ද වෙන්කර ඇතැයි එම වාර්තා වැඩි දුරටත් අනාවරණය කරයි.