ආණ්ඩුව නත්තලට තෙල් මිල වැඩි කර ජනතාවට තෑගි දුන්නා…! අලුත් අවුරුද්දට කිරිපිටි මිල වැඩි කර තෑගි දුන්නා…! – සජිත්…

December 31, 2021 at 4:13 pm | by emanisa.lk

නත්තලට පෙරාතුව තෙල් මිල ඉහළ නංවා නත්තල් තෑග්ග ලබා දුන්න ආණ්ඩුව, අලුත් අවුරුද්දට පෙරාතුව කිරිපිටි මිල ඉහළ නංවා අවුරුදු තෑග්ග ද ජනතාවට ලබා දුන් බව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

පොරොන්දු කන්දක් ලබා දී බලයට පත් වූ ආණ්ඩුව තමන්ට ඡන්දය ලබා දුන් හැට නම ලක්ෂය ඇතුළු සමස්ත ජනතාව ම අනතුරට පත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය

“කොරෝනා වසංගතය මධ්‍යයේ විවිධ අභියෝග එල්ල වුවත් විපක්ෂය ලෙස අප විශාල කාර්යභාරයක් ඉටු කරනවා. විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන යටතේ දිවයිනේ රෝහල් රැසකට අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ පරිත්‍යාග කිරීමට අපි කටයුතු කළා. කඩා වැටී ඇති අධ්‍යාපනය නගා සිටුවීමින් ශක්තිමත් දරු පරපුරක් බිහි කිරීම සඳහා අපි අද මෙම වැඩසටහන හඳුන්වා දෙනවා.

විපක්ෂය හැටියට අපි මෙවැනි වැඩ කොටසක් ඉටු කරද්දී ඊට සාපේක්ෂව ආණ්ඩුව වෙතින් සිදුවන කටයුතු පිළිබඳව ඇත්තේ බරපතළ කනගාටුවක්. නත්තලට පෙරාතුව තෙල් මිල ඉහළ නංවා නත්තල් තෑග්ග ලබාදුන්න ආණ්ඩුව, අලුත් අවුරුද්දට පෙරාතුව කිරිපිටි මිල ඉහළ නංවා අවුරුදු තෑග්ග ද ජනතාවට ලබා දී තිබෙනවා. පොරොන්දු කන්දක් ලබා දී බලයට පත් වූ ආණ්ඩුව තමන්ට ඡන්දය ලබා දෙන හැට නම ලක්ෂය ඇතුළු සමස්ත ජනතාවම අනතුරට පත් කර තිබෙනවා.

රට පත්ව ඇති ආර්ථික අර්බුදය හමුවේ උනුත් එකයි මුනුත් එකයි කියා අද රටේ ජනතාව බොහෝ දෙනෙක් පවසනවා. හැබැයි උනුත් එකයි මුනුත් එකයි යන්න සමගි ජන බලවේගයට අදාළ වන්නේ නැහැ. සමගි ජන බලවේගය යනු නූතනවාදී මානුෂීයවාදී නව දේශපාලන ව්‍යාපාරයක්. දක්ෂ තරුණ පිරිසක් සමග රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩනැගීමට අපි අපේක්ෂා කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස