මෙරට ජාතීන් අතර සහජීවනය ඇති කිරීම සඳහා දේශපාලනඥයින් පුනරුත්ථාපනය කළ යුතු බව “එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.
දේශපාලනඥයින් තම පැවැත්ම උදෙසා සිද්ධි නිර්මාණය කරමින් සිටින බවටත් එසේ නොමැති නම් ඇති වන සිද්ධීන් ඔවුන්ගේ බල උවමනා සඳහා යොදා ගන්නා බවට ද උන්වහන්සේ චෝදනා කළහ.
“එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය මධ්‍යම පළාතේ ජනතාවගේ අදහස් විමසීමේ කටයුතු පෙරේදා ආරම්භ කළේය.
ඒ අනුව, අදහස් ලබා ගැනීම අද (27) තුන් වන දිනටත් සිදුකෙරේ.