උප කුලපති තනතුරද අතහැර දමා තම පවුලේ සාමාජිකයන්ගෙන් මෙන්ම සමීප හිත මිතුරන්ගෙන්ද බැණුම් අසමින් තමා කෘෂිකර් අමාත්‍යංශයේ ලේකම් තනතුර බාර ගැනීමට තීරණය කළ බව කෘෂිකර් අමාත්‍යංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ පවසයි.
ලේකම් තනතුර බාර ගැනීමට තීරණය කළ පසු ඇතැම් හිතමිතුරන් තමාට කතාකර ‘මේ කුණු ගොඩට පනින්නෙ උඹට පිස්සුද ?’ යැයි විමසූ බව ද හිටපු ලේකම්වරයා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ සිරස රූපවාහිනියේ දවස වැඩසටහනට සහභාගිවෙමිනි.
ලේකම්වරයා ලෙස තමා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් තෘප්තිමත් වන බවත් රටේ ජනතාවගෙන් 90% කට වැඩි බහුරතයක්ද එය පිළිගනු ඇතැයි තමා සිතන බවත් මහාචාර්ය ජයසිංහ සඳහන් කරයි.
කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වෙනත් පුද්ගලයෙකු පත් කරනතුරු ඒ පිළිබඳව නොදැන සිටි බවත්, මේ වන තෙක් තමා ඉවත් කිරීමට හේතුව කුමක්ද යන්න නොදන්නා බවත් ඔහු පවසයි.