රාජිතගේ නැව් 08 නැවතත් කරළියට…! ලේකම්ගේ නමින් නැව් සියල්ල ගැඹුරු මුහුදේ…!

December 22, 2021 at 3:10 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ධීවර අමාත්‍යවරයාව සිටි කාලයේ දී ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු නමින් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා නව් 08ක් ගෙන්වීම හා මෝදර ධීවර වරාය බදුදීම පිළිබදව වන පැමිණීල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (21) කරුණු ඉදිරිපත් කර ඇත.

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න යන අය නමින් මෙම නැව් 08 චීන සමාගමක් සමඟ ගිවිසුමකින් මෙරටට ගෙන්වා ඇතැයි සදහන් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විසිනි.

තමාට ලිඛිතව ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙසට බෞද්ධාලෝක මාවත, කොළඹ 07 පදිංචි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මෙම පැමිණීල්ල සිදුකර ඇතැයි සදහන් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට මෙම කරුණු ඉදිරිපත් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණීලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජය තුසිත විසිනි.

ජාත්‍යන්තර මුහුදේ මත්ස්‍ය අස්වැන්න නෙලීම සදහා එක් රටක ලබා දී ඇති ධාරිතාවෙන් අප රට භාවිත කරන්නේ සියයට පනහක් පමණක් පමණ වන බවත්, ධීවරයන්ට ඇති අයිතිය උදුරාගනිමින් චින සමාගමට ඒ අයිතිය බදු දී ඉන් ලැබෙන කොමිස් මුදල ලබාගන්නා පරිදි මෙම ගිවිසුම අත්සන් කර ඇති බවත් පැමිණීල්ල සඳහන් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස