ප්‍රමිතියෙන් තොර ගෑස් නැවක් ගොඩබා ආණ්ඩුව ජනතා ජීවිත බිල්ලට දෙනවා..! – සජිත්..

December 19, 2021 at 5:14 am | by emanisa.lk

පසුගිය දිනවල ප්‍රමිතියෙන් තොර ගෑස් නැව් දෙකක් මෙරටට පැමිණි බවත් එම ප්‍රමිතියෙන් තොර ගෑස් වෙළඳපළට නිකුත් නොකරන ලෙස ප්‍රමිති ආයතනය දැනුම් දී තිබියදීත් අදාළ ගෑස් නිකුත් කිරීමට කටයුතු කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

ප්‍රමිතියෙන් තොර ගෑස් වෙළඳපොළට නිකුත් කොට මිනිස් ජීවිත බිල්ලට දෙන ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ බලවත් පාප කර්මයක් සහ අපරාධයක් බව පැවසූ විපක්ෂ නායකවරයා, රට පුරා සිදුවන ගෑස් අනතුරුවලින් පීඩාවට පත්වන සහ හානි සිදුවන ජනතාවට වන්දියක්වත් ලබා දීමට ආණ්ඩුව කටයුතු කොට නැතැයිද සඳහන් කළේය.

මේ වනවිටත් ගෑස් පිපිරීම් වලින් ජීවිත කිහිපයක් අහිමිවී ඇති බව පැවසූ සජිත් ප්‍රේමදාස, කියා සිටියේ මේ සියල්ලට වගකිව යුත්තේ ආණ්ඩුව බවයි.

අද (18) ලුණුගම්වෙහෙර බෙරලිහෙල නිවසක ගෑස් සිලින්ඩරයක් පුපුරායාමෙන් එම නිවැසියන්ට හානි සිදුවූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම නිවසට ගොස් ඒ පිළිබඳ සොයා බැලීය.

ඉන් අනතුරුවයි මාධ්‍ය අමතා විපක්ෂ නායකවරයා මෙම අදහස් දක්වා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *