පිපිරීම්වලට හේතුව ගෑස් නෙමෙයි….! ගෙරද විදුලි පරිපථවල වැරදි…! – රස පරික්ෂක දෙපාර්තමේන්තුව…

November 25, 2021 at 11:18 pm | by emanisa.lk

ගෑස්වලින් අනතුරු වී තිබූ කිසිදු ස්ථානයක ගෑස් සිලින්ඩර පුපුරා නොතිබුණු බවත් ගෑස් අනතුරු වළක්වා ගැනීම සඳහා නිවසේ විදුලි පරිපථ පරීක්‍ෂා කර ආරක්‍ෂිත බව තහවුරු කරගත යුතු බවත් රසපරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

පිපිරීම් සිදු වූ ස්ථානවල ද්‍රව පෙට්‍රෝලියම් වායුව නිදහස් වී වාතය සමඟ මිශ්‍ර වීම නිසා පුපුරා ගොස් තිබූ බව කී ජ්‍යෙෂ්ඨ සහකාර රසපරීක්‍ෂ රොෂාන් ප්‍රනාන්දු අනාවරණය කරයි.

වායු මිශ්‍රණය දෝලනය වීම විදුලි පුළිගුවක් මගින් විය හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

උදෑසන අවදි දී වූ විට නිවසේ වායු ගන්ධයක් දැනේ නම් විදුලි බුබුළු නොදල්වා දොර, ජනේල් විවෘත කර ගන්ධය පහව යන තෙක් සිට ගෑස් පාවිච්චි කරන ලෙස ජ්‍යෙෂ්ඨ සහකාර රසපරීක්‍ෂකවරයා ජනතාවට උපදෙස් දුන්නේය.

අද (25) රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *