ෆිච් රේටින්ස් ලංකාවට එන ආයෝජන නවතාලීමේ කුමන්ත්‍රණයක..! – මහ බැංකුවෙන් චෝදනා…

December 18, 2021 at 10:28 pm | by emanisa.lk

“සය මාසික පෙර දැක්මෙහි” දක්වා ඇති පරිදි සමීපස්ථ විදේශ විනිමය ගලාඒම් පිළිබඳව දැනුවත් වුවද, ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් දිගින් දිගටම නොසැලකිලිමත් ක්‍රියාමාර්ග ගනු ලබමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

විදෙස් ණය ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ගැන ෆිච් රේටින්ස් “Fitch Ratings” අනතුරු අඟවමින් නිවේදනයක් නිකුත් කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ බව පවසා තිබේ.

ඒ අනුව “ෆිච් රේටින්ස්” විසින් ශ්‍රී ලංකාවේ Long-Term Foreign-Currency Issuer Default Rating (IDR) ශ්‍රේණිගත කිරීම ‘CCC’ සිට ‘CC’ දක්වා පහත දමා තිබුණි.

මේ සම්බන්ධයෙන් දීර්ඝ නිවේදනයක් නිකුත් කරමින් “ෆිච් රේටින්ස්” පවසන්නේ ඉහළ විදේශ ණය ගෙවීම් සහ සීමිත මූල්‍ය ගලා ඒම් හමුවේ ශ්‍රී ලංකාවේ බාහිර ද්‍රවශීලතා තත්ත්වය අයහපත් අතට හැරෙමින් පවතින බවය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ එවැනි ක්‍රියාමාර්ග මගින් ආයෝජනයන් සිදුකිරීම වැළැක්වීමට හසු නොවන මෙන් ආයෝජකයන්ට දැනුම්දෙන බවය.

විදේශ විනිමය ගලාඒම්වල ප්‍රගතිය මෙම සතිය තුළ නිවේදනය කෙරෙනු ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Adaderana

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස