බිඳ වැටුණු රට ගොඩනැඟීමේ අභියෝගය ජාතික ජන බලවේගය බාර ගැනීමට සූදානම් බව එහි නායක අනුර කුමාර දිසානායක පවසයි.
ප්‍රධාන පක්ෂ කාර්යාලයේ ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවක දී හෙතෙහ පැවසුවේ ඊළඟ මැතිවරණයක දී ජාතික ජන බලවේගයට බලය දීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ය.
සාම්ප්‍රදායික බල හුවමාරුවෙන් සහ ඔළුගෙඩි මාරුවෙන් එහාට යන ප්‍රතිපත්තිමය වෙනසක් වෙනුවෙන් ජනතාව පෙළ ගැසිය යුතු බවත් බිඳ වැටුණු රට ගොඩනැඟීමේ විසඳුම බවට ජාතික ජන බලවේගය පත් කිරීමේ වගකීම ජනතාව සතු බවත් අනුර දිසානායක වැඩි දුරටත් පැවසුවේ ය.