චීන අශූචි නැව ප්‍රතික්ෂේප නොකරන්නේ ලැබෙන කොමිස් කුට්ටිය නිසයි…! – සජබ…

December 17, 2021 at 1:25 pm | by emanisa.lk

චීන පොහොර නැව ප්‍රතික්ෂේප කරන්න තරම් කොන්දක් ආණ්ඩුවට නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.

ආණ්ඩුව තව දුරටත් උත්සහ කරමින් ඉන්නේ එම අසූචි නැව පොහොර කිරීමට බවට ද ඔහු චෝදනා කරයි.

කෙසේ වෙතත් ප්‍රතික්ෂේපිත පොහොර නැව ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප නොකරන්නේ මේ ගනුදෙනුව හරහා ලැබීමට නියමිත කොමිස් මුදල නිසාවෙන් බව ද මන්ත්‍රීවරයා කියා සිටියි.

කෘෂිකර්ම අමාත්‍යවරයා මාධ්‍යයට පැමිණ ගහන පම්පෝරි අනුව මේ අසූචි නැව ප්‍රතික්ෂේප කිරීමට කටයුතු නොකරන අතර ජනතාව ගැන සිතන්නට තරම් වන මොළයක් කිසිම ඇමතිවරයෙකුට නැති බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *