ශ්‍රී ලංකාවේ හෙද සභාවට සාමාජිකයන් පත්කිරීමේ නිලවරණය ඉකුත් 11 වැනි දින පැවැති අතර එහිදී සාමාජිකයන් 4 දෙනෙකු පත්කර ගැනීමට සමස්ත ලංකා හෙද සංගමයේ සමත් වී තිබේ.
ශ්‍රී ලංකා හෙද සභා නිලවරණයට සමස්ත ලංකා හෙද සංගමයේ සාමාජිකයින් පස්දෙනකු තරඟ කළ අතර ඉන් හතර දෙනෙකුම වැඩි ඡන්ද ලබා ජයග්‍රහණය කර ඇත.
මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ නායකත්වය දරන රාජ්‍ය සේවා හෙද සංගමය නිලවරණයට තරග කළ ද ජයග්‍රහණය කර ඇත්තේ එක් සාමාජිකාවක් පමණි.
සමන් රත්නප්‍රිය නායකත්වය දරන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ද එම නිලවරණයට තරග කළ නමුත් සියලු අපේක්ෂකයෝ පරාජයට පත්වූහ.