සිංහල අවුරුදු ලබද්දි රටේ මහා සාගතයක්…! – මහාචාර්ය මෙත්තිකා විතානගේ…

December 10, 2021 at 3:41 pm | by emanisa.lk

එළඹෙන අප්‍රේල් මාසය වන විට මෙරට ජනතාවට කෑමට ආහාර නොමැති තත්ත්වයක් ඇති වනු ඇතිි බවට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ අනතුරු අඟවයි.

මහ කන්නය සඳහා වගා කටයුතු ආරම්භ කළ යුතුව ඇතත් ඊට අවශ්‍ය පොහොර ලබාදීමට මෙතෙක් රජය පියවර ගෙන නැතැයි ද ඇය පවසයි.

කාබනික දියර පොහොර පමණක් යෙදීමෙන් රටට ප්‍රමාණවත් අස්වැන්නක් අපේක්ෂා කළ නොහැකි බව ද මහාචාර්යවරිය කියා සිටී.

මහ කන්නය යනු මෙරට වැදගත් ම හා වැඩි ම අස්වැන්නක් හිමි කන්නය බවත් එම කන්නයේ දී අත්හදා බැලීම් කිරීමට හැකියාවක් නොමැති බවත් ඇය පැවසීය.

කෘෂි කර්මාන්ත ක්ෂේත්රයේ විද්වතුන් සහ පර්යේෂකයන් පෙන්වා දී ඇති කරුණු කෙරෙහි රජය සැලකිල්ලක් නොදක්වමින් ගෙන යන වැඩපිළිවෙළ නිසා ආහාර හිගයක් ඇතිවීම නොවැළැක්විය හැකි බව ද ඇය තව දුරටත් සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *