සොල්දාදුවා පෙරගමන්කරු වූ සමාජයක් කිසිදා දියුණු වී නෑ..! රටක පෙරගමන්කරු විය යුත්තේ උගත්තු…! – දයා රත්නායක..

December 10, 2021 at 7:52 am | by emanisa.lk

රටක පෙරගමන්කරුවන් විය යුත්තේ උගතුන්, විද්වතුන් බවත් ඒ වෙනුවට සොල්දාදුවන් රටේ පෙරගමන්කරුවන් කරගත් සමාජයක් කිසි දිනක දියුණු වී නොමැති බවත් හිටපු හමුදාපති, ජනරාල් දයා රත්නායක පවසයි.

“දැන උගත් සමාජය සම්බන්ධ වෙලා, ඇකඩමික් සමාජය සම්බන්ධ වෙලා, විද්වතුන් සම්බන්ධ වෙලා මේ සමාජයක පෙරගමන්කරුවා වෙන්නට ඕනෙ ඒ අය.

ඒ අය පෙරගමන්කරුවා නොවී සිටීම තුළ තමයි, සොල්දාදුවා පෙරගමන්කරුවා කරලා යුද්ධ කරන්නෙ. සොල්දාදුවා පෙරගමන්කරුවා කරන සමාජයක් කවදාවත් දියුණුවෙලා නැහැ.

සොල්දාදුවො පාලනය කරන රටවල්, හමුදා පාලනය තියන රටවල් ලෝකෙ කිසි තැනක දියුණු වෙලා නෑ. එනිසා ඒ ඒ කට්ටියට කරන්න පුළුවන් වෙන වැඩ තියෙනවා, නමුත් මේ වගේ දේවල් නෙවෙයි”

හිටපු හමුදාපතිවරයා මේ බව පැවසුවේ පසුගිය 03 වනදා කොළඹ දී පැවැති උත්සවයක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *