ජනවාරි මාසය වන විට මෙරට ගෙවීමට ඇති විදේශ ණය ප්රමාණය ගෙවූ පසු ඉතිරි වන්නේ ඩොලර් මිලියන 140ක් පමණක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා පවසයි.
එහෙත් වියදම් කිරීමට හැකියාවක් ඇති මුදල් ප්රමාණය ඩොලර් මිලියන සෘණ 437 බව ද ඔහු පෙන්වා දෙයි.
පෙබරවාරි මස සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ ගෙවිය යුතු ණය ප්රමාණය ඩොලර් මිලියන 4843ක් බවද කී ඔහු මේ මාසය අවසන් වන විට ඇත්තේ ඩොලර් මිලියන එකසිය හතලිහක් නිසා ඉතිරිය ඩොලර් මිලියන සෘණ 4700 යයිද කියා සිටියේය.
එනම් එවිට රට බංකොලොත් තත්ත්වයට බවට පත්වන බව ද මෙවැනි විදේශ සංචිත කඩා වැටීමක් ඉතිහාසයේ කිසිදු අවස්ථාවක සිදු නොවූ බවත් ඔහු පැවසීය.