ලොව ඉතා ම දියුණු රටවල පවා ගෑස් අනතුරු සිද්ධ වන බවත් ඒ සමග සසඳන විට අප සිටින තැන පිළිබඳ සතුටු විය හැකි බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.
ලිට්රෝ සමග වසරකට ගෑස් සිලින්ඩර ලක්ෂ 350ක් පමණ වෙළඳපොළට නිකුත් කළ ද අනතුරු වාර්තා වන්නේ 5-6ක් පමණක් බව ඇමැතිවරයා පෙන්වා දෙයි.
2015 සිට නිවෙස්වල මෙවැනි අනතුරු 12ක් පමණ ද ව්‍යාපාරික ස්ථානවල අනතුරු 09ක් පමණ සිදුව ඇති බවත් හෙතෙම ප්‍රකාශ කරයි.
මෙම ගෑස් අනතුරු සිදුවීම සම්බන්ධයෙන් පැය 48ක් ඇතුළත පැවැති සාකච්ජාවලදී මෙම කරුණු අනාවරණය වූ බවද අමාත්‍යවරයා කියා සිටියේය.