පාස්කු ප්‍රහාරයේ අභිරහස් සමග සහරාන්ගේ බිරිඳ කරළියට…!

November 24, 2021 at 2:19 pm | by emanisa.lk

ආරක්ෂක අංශ භාරයේ සිටින සහරාන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා සාදියා ළගදීම එළියට ඒමට සූදානමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ල කළ කණ්ඩායමට නායකත්වය දෙමින් සහරාන් හෂීම් මරාගෙන මැරුණි.

ඔහුගේ බිරිඳ වන හාදියා විසින් ‌ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් රහසිගතව පැවැති තොරතුරු රැසක්ම අනාවරණය වීමට නියමිත බව ද දැනගන්නට තිබේ.

ප්‍රහාරයෙන් පසු සාදියා අත්අඩංගුවට පත්වූ අතර ඈ ප්‍රහාරය පිළිබදව තොරතුරු රැසක් ද අනාවරණය කොට තිබිණ. ෆාතිමා හාදියාගේ අනාවරණයන් සමග මේ වන විට පාස්කු ප්‍රහාරය පිළිබඳ ගොඩනඟා ඇති බොහෝ මිත්‍යා මත බිඳ වැටෙනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *