අපේ බුද්ධි අංශ ගෙදරට ඇවිත් සහරාන් හමු වුණා…! සරත් වීරසේකර පිළිතුරු දෙනු…! – හරීන්…

November 11, 2021 at 7:25 am | by emanisa.lk

2019 වසරේ අත්අඩංගුවට ගත් ලොරි රථ දෙකක් ඉහළ පොලිස් නිලධාරියෙකුගේ නියෝග මත මුදා හැරීමට කටයුතු කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

“අප්‍රේල් මාසෙ අපි කිව්වා මේ පාර්ලිමේන්තුවට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ටිකක්. මම කීපවතාවක් ගිහිල්ලා සරත් වීරසේකර මහත්තයාගෙ මූණට කියලා ඇහුවා එන්න අපිත් එක්ක සාකච්ඡා කරන්න, මේකෙ වැරදිද නැද්ද කියලා කියන්න කියලා. මොකද මේ අපි ඔක්කොම කියන්නෙ මේ පාස්කු කොමිෂන් වෙළුමේ නැති, නමුත් දීපු සාක්ෂි පිළිබඳ කතන්දර. ඇයි මේවා එළියට එන්නෙ නැත්තෙ?

මං අද තව එකක් කියනවා. 2019 අප්‍රේල් 04 වෙනිදා ලොරි දෙකක් අල්ලාගන්නවා. මේ ලොරි දෙක අල්ලාගන්නෙ ගැලනිගම පිවිසුමෙන්. මේක සාක්ෂියට දීපු එකක්. ඒ ලොරි දෙකේ මොනවද තිබ්බෙ, කවුද ලංකාවෙ ඉන්න පොලිස් ප්‍රධානියෙක් කතා කරලා මේක රිලීස් කරන්න කිව්වෙ, ඒක ඇතුළෙ තිබුණෙ මොනවද, ඒ ලොරිය අයිති කෙනා කවුද කියන එක කරුණාකරලා අපි සරත් වීරසේකර මහත්මයාට කියනවා අඩුම ගාණෙ ඒකවත් කියන්න.

අප්‍රේල් 21 බෝම්බෙ යන දවසෙ මං මේ කියන පොලිසියෙ ඉන්න ප්‍රධාන නිලධාරියා හිටියෙ මාළු මාළු කියන හෝටලේ, පාසිකුඩාවෙ. මේවා මේ බොරුවට කියන ඒවා නෙවෙයි … කවුද එයාට බිල ගෙව්වෙ, එයා කාගෙ වවුචර් එකෙන්ද එදා ගියෙ? අන්න පුළුවන් නම් හොයලා උත්තර දෙන්න කියන එක අපි මෙතුමාට කියනවා. මම නැවත කියනවා, මේවා පාස්කු කොමිසමේ දීපු කට උත්තර, වෙළුමට ආපු නැති මඟුල් !

මේ ෆාතිමා හාදියා කියන සහරාන්ගෙ නෝනා කියලා තියෙනවා, ලංකාවෙ බුද්ධි අංශයේ නිලධාරීන් සහරාන් එක්ක ගෙදර හම්බුවෙච්ච දවස් තියෙනවා කියන එක ඒ කට උත්තරේදි. මම බොරු කියනවා නම් ඇයි දෙයියනේ මේ සරත් වීරසේකර මහත්තයාට සීඅයිඩීයේ නිලධාරීන් ගෙන්නලා, එහෙම කට උත්තරයක් තිබ්බෙ නැහැ, ජනාධිපති කොමිසමේ එහෙම එකක් වුණේ නැහැ කියන්න? අපි මේවා කිසිම සාක්ෂියක් නැතුව කියනවා නෙවෙයි. මේ කියපු කරුණු සම්බන්ධයෙන් වැඩිය ඕනෙ නෑ, ඒවා වල උත්තර විතරක් දෙන්න”

හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පාර්ලිමේන්තුව අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස