අද දින සිදු කිරීමට තිබූ PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු නොකෙරෙන බව වාර්තා වෙයි.
සෞඛ්‍ය කාර්ය මණ්ඩල වැඩ වර්ජනය හේතුවෙන් මෙලෙස පළමු පෙළ කොවිඩ් ආසාදිතයින් සඳහා සිදු කෙරෙන PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු නොකිරීමටයි තීරණය කර තිබෙන්නේ.
සෞඛ්‍ය අංශ මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ වැටුප් සංශෝධන සහ තවත් ඉල්ලිම් රැසක් මුල්කොට ගෙනය.
මෙම වැඩ වර්ජන ව්‍යාපාරයට හෙද සේවාවේ සිට පහළට සියලු ම සෞඛ්‍ය අංශ එක්වන අතර අදාළ වැඩ වර්ජනයට සිය සංගමයේ සාමාජිකයින්ගේ සහභාගීත්වය නොලැබෙන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.