මතභේදයට තුඩු දී ඇති චීන කාබනික පොහොර නැවට වන්දි ලබාදීමට සිදුවුවහොත් අදාළ වැරැදි ගනුදෙනුවට සම්බන්ධ වූ පුද්ගලයන්ගේ දේපළ රජයට පවරා ගනිමින් එය සිදුකළ යුතු බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
එම නැවෙහි අඩංගු පොහොර මෙරටට ගොඩ නොබෑවත්, මුහුදේ හලා දැමූවත් ඒ සඳහා ශ්‍රී ලංකාවට වන්දි ගෙවීමට සිදුවන තත්ත්වයක් උද්ගතව ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.
චීනය මේ මොහොතේ ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් කරමින් තහංචි පනවන බවත්, අදාළ වන්දිය ශ්‍රී ලංකාවට ගෙවීමට සිදුවුවහොත් එය ගෙවිය යුතුව ඇතැයිද උන්වහන්සේ පැවසූහ.
මතභේදයට තුඩුදී ඇති චීන පොහොර නැව සම්බන්ධයෙන් ඊයේ (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මේ බව ප‍්‍රකාශ කළහ.