නොවැම්බර් මාසයේ මුල් දෙසතිය තුළ සංචාරකයන් 19, 222 දෙනකු ශ‍්‍රී ලංකාවට පැමිණ ඇතැයි සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග පවසයි.
ඉන්දියාව, මාලදිවයින, පාකිස්තානය, රුසියාව, ප‍්‍රංශය, කැනඩාව, ජර්මනිය, ඇමරිකා එක්සත් ජනපදය, ස්විට්සර්ලන්තය වැනි රටවල්වලින් මෙම සංචාරකයන් පැමිණ ඇති බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම පසුගිය ජනවාරි මාසයේ සිට සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් පසු මේ දක්වා සංචාරකයන් 80,310 දෙනකු මෙරටට පැමිණ ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.
පැලැස්තර විසඳුම් මගින් කොවිඩ් හේතුවෙන් බිඳවැටුණු සංචාරක කර්මාන්තය ගොඩනැඟිය නොහැකි බවත්, බිඳවැටුණු සංචාරක කර්මාන්තය ගොඩ නැඟීමට එන්නත්කරණය වැනි සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක් තුළ රට සංචාරකයන්ට විවෘත කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.