මන්ත්‍රීවරුන්ට වාහන ඕන දෙයියනේ….! – එස්.බී….

November 18, 2021 at 6:12 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුධය මෙරටට පමණක් බලපා ඇති තත්වයක් නොවන බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක පවසයි.

විපක්ෂයේ පිරිස් පවසන ආකාරයේ කඩා වැටුණු රටක් බවට ශ්‍රී ලංකාව පත්වී නොමැති බව ද ඔහු අවධාරණය කරයි.

ඊයේ පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එස්. බී. දිසානායක මෙම අදහස් පළකළේය.

මහජන මුදලින් නඩත්තු වන දේශපාලඥයින් විසින් අධික ලෙස මුදල් ගෙවා සුඛෝපභෝගී වාහන මිල දි ගැනීම සම්බන්ධයෙන් එහි සිටි මාධ්‍යවේදීහු මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළහ.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ “මන්ත්‍රීවරුන්ට වාහන ඕන දෙයියනේ” යනුවෙනුයි.

මන්ත්‍රීවරුන්ට පැවරී ඇති රාජකාරි ඉටු කිරීම සඳහා වාහනයක් උවමනා බවයි, ඔහු අවධාරණය කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *