බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල එක ම මාධ්‍ය සාකච්ඡාවක සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම පිළිබඳ එකිනෙකට පරස්පර අදහස් දැක්වූ බවට ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති චෝදනා කරයි.
අවු. පනස් ගණනකින් අලුත්වැඩියා නොකළ නිසා වසා දමන බව කී පිරිපහදුව විදේශ විනිමය ගැටලුවක් නිසා වසා දමන බව අනතුරුව පැවසූ බවයි, හඳුන්නෙත්ති සඳහන් කළේ.
මෙය පිරිපහදුවේ අභ්‍යන්තර කාරණයක් බවත් එය රටට පැවසිය යුතු නැති බවත් සියල්ල පවසා අවසානයේ ඇමැති ගම්මන්පිල සඳහන් කළ බව ද ඔහු ප්‍රකාශ කරයි.
එහෙත් මෙම වසා දැමීමේ සැබෑ අරමුණ විදේශ විනිමය අර්බුදය නිසා පිරිපහදුව වසා දැමීම බවත් එය නැවත කිසිදා විවෘත නොවන බවත් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කළේ, ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවක් සඳහා එකතු වෙමිනි.