බැසිල් පාර්ලිමේන්තු සම්ප්‍රදාය කැඩුවා..! වහා ම වරද නිවැරදි කරනු…! – රනිල්…

November 16, 2021 at 8:32 am | by emanisa.lk

අයවැය විවාදයේ දී මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ සිටීම සම්ප්‍රදායක් වුව ද එය මෙවර ඉටු නොවූ බව එජාප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසයි.

ඊයේ (15) අයවැය විවාදය අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අතර ඇති වූ සංවාදයකට අනතුරුව සභාව අමතමින් හිටපු විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් අද සිට හෝ මුදල් ඇමැතිවරයාට අයවැය විවාදයට එකතු වන ලෙස ආරාධනා කරන බව රනිල් වික්‍රමසිංහ එහි දී ප්‍රකාශ කළේය.

අයවැය විවාදය අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොමැති මුදල් ඇමැතිවරයා හවසට මාධ්‍ය හමු තබන බවට ද ලක්ෂ්මන් කිරිඇල්ල චෝදනා කළ අතර ශෙහාන් සේමසිංහ වැනි හාල්පාරුවන්ගෙන් තමන් ප්‍රශ්න ඇසීමට සූදානම් නොමැති බව ද ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *