බැසිල්ගේ අයවැයෙන් මහින්දගේ සහ මෛත්‍රීගේ පැන්ෂන් එකටත් කට්ටු වෙයි…!

November 14, 2021 at 9:06 am | by emanisa.lk

ජනාධිපතිවරයකුට සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට විශ‍්‍රාම වැටුප් හිමිවීම සඳහා වසර දහයක කාලයක් එම ධුරය දැරිය යුතු බවට මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ පෙරේදා (12දා) 2022 වසර සඳහා අයවැය ඉදිරිපත් කරමින් යෝජනා කළේය.

දැනට වසර 05ක් සිය ධුරය දැරීම ජනාධිපතිවරයෙකුට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විශ‍්‍රාම වැටුප් ලැබීම සඳහා සුදුසුකම වේ.

මෙම යෝජනාවට අනුව තම පක්‍ෂයේ ජනාධිපතිවරුන් දෙදෙනකුට විශ‍්‍රාම වැටුප් අහිමි වන බවද ඇමැතිවරයා සඳහන් කළේය. ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්‍ෂ, මෛත‍්‍රීපාල සිරිසේනට මෙන් ම දිවංගත ආර්. ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාසට ද විශ‍්‍රාම වැටුප් අහිමි වීමේ අවිනිශ්චිත බවක් පවතී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *