ආණ්ඩුව සිතා ගෙන සිටින්නේ මෙය ඔවුන්ගේ මංගල අයවැය ලෙස බවත් පසුගිය වසර එකහමාර රට කරවූයේ නලීන් බණ්ඩාර සහ සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිස ලෙස බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි.
ඉදිරි වසර දිවීමට ආණ්ඩුව සූදානම් වන්නේ ජනතාවගෙන් සහ ව්‍යාපාරිකයින්ගෙන් අසාමාන්‍ය ලෙස බදු අය කර බව ද හෙතෙම ප්‍රකාශ කරයි.
තුන්වේල බත් කන්න ඉල්ලන ජනතාවට ආණ්ඩුව ටොෆි ටිකක් ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පෙන්වා දෙයි.
මොළ හතේ මුදල් ඇමැතිවරයෙකු ගෙනාවත් මොළේ කළඳක් තියෙන වැඩක් කෙරෙන පාටක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කරයි.