ගුවන් භාණ්ඩ ප්‍රවාහනය ඉහළ යයි…! කටුනායක මෙහෙයුම් ධාරිතාව ඉක්මවයි…!

November 13, 2021 at 7:10 am | by emanisa.lk

කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් භාණ්ඩ මෙහෙයුම් පර්යන්තයේ ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි.

පසුගිය මාසයේ දී ගුවනින් භාණ්ඩ ආනයනය හා අපනයනය මෙට්‍රික් ටෝන් 20,000 සිට 21,000 ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරාජ කීය.

මේ හේතුව නිසා පර්යන්තයේ ආනයන – අපනයන භාණ්ඩවල ආරක්ෂාව සඳහා රාජ්‍ය ඇමැති ඩී.වී. චානක ගුවන්තොටුපොළ බලධාරීන්ට උපදෙස් දී ඇත.

කන්ටේනර් මගින් භාණ්ඩ ප්‍රවාහනය කඩිනමින් සිදු නොවීම ද ගුවන් මගීන් භාණ්ඩ අපනයනය වැඩි වීමට හේතු වී තිබෙන බව විජයපතිරාජ කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *