හෘද සැත්කමකට ලක්වී සිටි ගුරුවරියක් ගුරු උද්ඝෝෂණයක් අතරතුර දී හදිසියේ අසනීප වී මියයෑමේ පුවතක් වාර්තා වෙයි.
අද (09) සවස මාතර, කොටපොළ ජාතික පාසල ඉදිරිපිට සිට පාගමනින් ගැටබරු විහාරය දක්වා ගොස් නැවත කොටපොළ ජාතික පාසල දෙසට පැමිණෙමින් තිබිය දී ගුරුවරියක් ක්ලාන්ත වී බිම ඇදවැටී මෙලෙස මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, දෙණියාය මධ්‍ය මහ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සේවය කළ 27 හැවිරිදි ගුරුවරියකි.
ඇය මීට පෙර හෘද සැත්කමකට මුහුණ දී දෙණියාය මුලික රෝහලේ මාසික සායනයට ද සහභාගී වන තැනැත්තියකි.