දෛනිකව සිදුකරන කොවිඩ් පරීක්ෂණ ප්‍රමාණය අඩු කරමින් ඇතැයි ජනතාවට පෙන්වමින් සිටින බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.
එම සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසන්නේ, එමගින් දෛනිකව වාර්තා වන ආසාදිතයින් ප්‍රමාණය අඩු බව පෙන්වා වසන්තය උදාවෙමින් ඇතැයි ජනතාව රවටමින් ඇති බවයි.
මේ වන විට දෛනික කොවිඩ් මරණ 20ක් බවට පත්ව ඇති බවත් බලධාරීන්ට එය සුළු ප්‍රමාණයක් විය හැකි බවත් එම සංගමයේ සභාපති රවී කුමුදේශ් ප්‍රකාශ කරයි.