බලය ලබා ගැනීමෙන් පසු සැමට ම එක සේ සලකන නව දේශපාලන පරිවර්තනයක් අවශ්‍ය බව ශ්‍රීලනිප මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.
“ඉතා ම උගත් බුද්ධිමත් මිනිස්සු ටිකක් තමයි, මේ පාර පාර්ලිමේන්තු යන්නේ කියලා තුනෙන් දෙකක බලයක් දුන්නා.
මමත් අවුරුදු 17ක් පාර්ලිමේන්තුවේ. මං දැකපු නරක ම පාර්ලිමේන්තුව මේ පාර්ලිමේන්තුව. කතා කරන්න දන්නේ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තියෙන උද්දච්චකම. සමහරු කියන කට කැඩිච්ච කතා. තමන්ගේ ගොංකමයි එළියට යන්නේ.
බලය ගත්තට පස්සේ සෑම මිනිසෙකුට ම කතා කරන්න පුළුවන් ආණ්ඩු පක්ෂයක මන්ත්‍රීවරු අවශ්‍යයි. අලුත් පරිවර්තනයක් අවශ්‍යයි. ශ්‍රීලනිපය එයට සූදානම් විය යුතුයි.”
රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (06) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම ආසනයේ ක්‍රියාකාරීන් හමුවූ අවස්ථාවේදීය.