සහල් ආනයන බදු සහනයෙන් මෝල් හිමියා අනාථයි…! බදු සහනය වහා ම හකුළා ගනු…! – ජාතික ගොවිජන එකමුතුව…

November 5, 2021 at 8:28 am | by emanisa.lk

සහල් ආනයනයකරුවන්ට බදු සහන ලබා දීමට මුදල් අමාත්‍යවරයා ගත් තීරණය වහා හකුළා ගත යුතු බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.

එහි සභාපති, අනුරාධ තෙන්නකොන් පවසන්නේ, එම තීරණය තුළින් කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට අසාධාරණයක් සිදුවන බවය.

“මුදල් අමාත්‍යවරයා තීන්දුවක් අරන් තියෙනවා මේ රටට සහල් ආනයනයකරුවන් සඳහා බදු සහන දෙන්න. මේ මහා පරිමාණ මෝල් හිමියාට පාඩමක් උගන්වන්න කියලා ගත්ත තීන්දුවක්.

හැබැයි කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියාටත් මේ රටේ ලක්ෂ 40ක් වෙච්ච වී ගොවියාත් වළපල්ලට යවන තීන්දුවක් මේක. ගත්ත තීන්දුව ආපහු හරවන්න.

මේ රටේ මේ ආණ්ඩුව බලයට ගේන්න මේ රටේ ගොවීන් විශාල දායකත්වයක් දුන්නා. ඒ නිසා ඔවුන්ගේ පැත්තේ හිටගෙන මුදල් අමාත්‍යවරයා මේ වෙලාවේ තීන්දු තීරණ ගන්න ඕනේ.

ආනයනය කරන ජාවාරම්රුවන්ට සහන සැලසෙන එක නෙමෙයි, වී ගොවියාටත් මධ්‍ය හා කුඩා පරිමාණ මෝල් හිමියන්ටත් සහන සැලසෙන වැඩපිළිවෙළක් අවශ්‍යයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *