පසුගිය වසරේ තම නිල නිවසේ කෙටි කෑම සඳහා රුපියල් 318 645ක මහජන මුදල් අවභාවිත කළේ යැයි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායකට චෝදනා එල්ල වෙයි.
කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්රී මහින්ද කහඳගම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට මේ පිළිබඳ පැමිණිලි කර ඇත.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් තොරතුරුවලින් මේ බව අනාවරණය වී තිබේ.
එම මුදලින් චීස් සඳහා පමණක් රුපියල් 68 185ක් වැය කර ඇතැයි ද නගරාධිපතිනිය සිය නිල නිවස් වායු සමීකරණ යන්ත්ර 14ක් සවි කර ඇතැයි ද එහි දී අනාවරණය වී තිබේ.
නාගරික මන්ත්රීවරයා විසින් මෙම තොරතුරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට හා පොලිසියටත් ඉදිරිපත් කර ඇත.