සංචාරක කර්මාන්තය නංවන්න කඩිනම් පියවර…! මේ වසරේ නව ගුවන් සේවා 05ක් ලංකාවට…!

October 28, 2021 at 9:47 am | by emanisa.lk

මේ වසර අවසන් වීමට පෙර නව ගුවන් සමාගම් 5ක් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

මෙය සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා සංචාරක අමාත්‍යංශය අන්තර්ජාතිික වශයෙන් සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් බව ද ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

ඒ අනුව ස්විට්සර්ලන්ත ඒඩ්ල්වයිස්, රුසියාවේ එයාරෝ ෆ්ලොට්, ප්‍රංශයේ එයාර් ෆ්‍රාන්ස්, රුසියාවේ එයාර් අසූර් සහ ඉතාලියේ නියෝස් එයාර් ශ්‍රී ලංකාව වෙත පියාසර කරනු ඇත.

මෙමගින් ජාතික ආර්ථික ආර්ථිකයට සංචාරක කර්මාන්තය මගින් සැපයෙන ශක්තිය ඉහළ නැංවීමට සිය අරමුණ වී ඇතැයි ද ඇමැති ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *