පැන්ඩෝරා පත්රිකා සම්බන්ධව කළ ප්රකාශයක් අලළා දුරකථන ඇමතුමකින් තමන්ට යම් තර්ජනයක් සිදු වූ බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රි චමින්ද විජේසිරි පවසයි.
ඊයේ (21) පාර්ලිමේන්තුවේදී වරප්රසාද ප්රශ්නයක් මතු කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ඔක්තෝබර් මස 12 වැනි දින 12.33ට ඇමතුමක් ලැබුණු බවත් ‘මම තිරු නඩේෂන්’ යැයි සිනාසෙමින් පවසා දුරකථනය විසන්ධි කළ අතර මෙය යම් තර්ජනාත්මක දුරකථන ඇමතුමක් බව සිතා මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් සටහන් කළ බවත් මන්ත්රීවරයා සඳහන් කරයි.
ඔක්තෝබර් මස 14 වැනි දින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උදිත් ලොකුබණ්ඩාර තමාට ඇමතුමක් ගෙන “චමින්ද අයියේ තිරු කතා කළා ද?” යැයි තමාගෙන් විමසීමක් කළ බවද ඔහු කියා සිටියා.
පාර්ලිමේන්තු මන්ත්රිවරයකු වශයෙන් රටේ තොරතුරු ගැන ප්රසිද්ධියේ කතා කළ හැකිව තිබෙන බව පැවැසූ මන්ත්රිවරයා මේ පිළිබඳව වහාම විමර්ශනයක් සිදුකළ යුතු අතර තමාගේ ජීවිතයට ද තර්ජනයක් එල්ල වී ඇති බව පෙන්වා දුන්නේය.