ජනාධිපතිවරයා අපි ප්‍රතික්ෂේප කළේ නෑ…! අදාළ අංශ වෙත යොමු කළා විතරයි..! – මෛත්‍රී…

October 20, 2021 at 5:51 pm | by emanisa.lk

නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 11ක් යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඉල්ලා සිටි සාකච්ඡාව ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි.

එහි දී සිදුව ඇත්තේ අදාළ ගැටලුව පිළිබඳ සාකච්ඡා කළ යුතු පාර්ශ්ව සහ නිලධාරීන් සමග එම පක්ෂ සාකච්ඡාවක් සඳහා යොමු කිරීම බවත් හෙතෙම පෙන්වා දෙයි.

ගොවි ජනතාව මුහුණ දී ඇති ප්‍රශ්නය කෙසේ හෝ විසඳිය යුතු බවත් නැනෝ තාක්ෂණික පොහොර මගින් හෝ එය විසඳේ නම් හොඳ බවත් මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේය.

හෝමාගම, ගොඩගම ශ්‍රී ඛෙත්තාරාම විහාරස්ථානයේ රන්වැට විවෘත කිරීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග අද (20) එකතු වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *