පැන්ඩෝරා පත්‍රිකා මගින් තමන්ට එල්ල වී ඇති විදේශ වත්කම් සම්බන්ධ චෝදනා තිරුකුමාර් නඩේසන් ප්‍රතික්ෂේප කරයි.
ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පසුගිය සිකුරාදා (15) පැමිණ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් සතු දේශීය වත්කම් සියල්ල පිළිබඳ තොරතුරු විවෘතව හෙළිදරව් කළ හැකි බවත් එහෙත් පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් වත්කම් රැස්කිරීම්වලින් බහුතරයක් බොරු චෝදනා බවත්ය.
අල්ලස් හෝ දූෂණ කොමිසමට අවශ්‍ය නම් ජාත්‍යන්තර විමර්ශනයක් සිදු කරන ලෙස ද ඔහු කොමිෂන් සභාවට දන්වා ඇතැයි වාර්තා වේ.