මේ අවස්ථාවේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ගියොත් ආණ්ඩුවට සිදුවන්නේ ජනතාවගෙන් ගුටි කෑමට බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසයි.
“මං හිතන්නෙ පළාත් සභා මැතිවරණයට පෝලිමට යන්න ඡන්දදායකයින්ට හයිය තිබුණොත් ලොකු දෙයක්. ඉතිං ඒ නිසා මං හිතන්නෙ තිබ්බොත් ගුටි කන්න වෙන්නෙ.
ඒ නිසා ඉස්සෙල්ලා නීතිය හදාගන්න තියෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට එක්කෙනෙක් වගේ වෙන්න හදාගත්තොත් හොඳයි කියලා හිතෙනවා.
එහෙම හදාගෙන, අලුත් නීති හදාගෙන එනකොට මහ ජනයා ජීවත් කරගන්න බලන්න ඕනෙ ඡන්දපොළට එක්කරන් යන්න”
වජිර අබේවර්ධන මේ බව පැවසුවේ ඊයේ (14) දිනයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.