මාස හයකට පසු පාස්කු නඩු විභාගයෙන් බදියුදීන්ට ඇප….!

October 14, 2021 at 2:39 pm | by emanisa.lk

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස හයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් රු. ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කරයි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (14) මෙම නියෝගය කළේය.

අදාළ නඩුව අද අධිකරණය හමුවේ යළි කැඳ වූ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියම කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් මස 21 වැනිදාය.

බන්ධනාගාර වෛද්‍යවරයාට තර්ජනය කිරීම, නීති විරෝධී ලෙස දුරකතන භාවිතය ඇතුළු චෝදනා ගණනාවක් ද ඔහුට පසුගිය සමයේ එල්ල විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *