පොහොර තහනම් කොට මේ රටේ ගොවියාව මරණ මංචකයට ගෙන යන අධිවේගී මාර්ගය වර්තමාන ආණ්ඩුව ඉතා සාර්ථකව ඉදිකොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
මිනිසාගේ පරම වගකීම මිනිසාව ජීවත්කරවීම බව පැවසූ විපක්ෂ නායකවරයා ,වර්තමාන ආණ්ඩුව විසින් සිදු කරන්නේ අන්ත අසරණ ගොවියාව කබලෙන් ලිපට ඇද දමා ඔවුන්ගේ ජීවිත තව තවත් අසරණ කරවීම බව සඳහන් කළේය.
පොහොර තහනම් කිරීමට ආණ්ඩුව ගනු ලැබූ හිතුවක්කාරී තීරණය හේතුකොට ගෙන අද වන විට රට බලවත් ව්‍යසනයක දොරටුවෙහි සිටින බව පැවසූ සජිත් ප්‍රේමදාස, මේ පිළිබඳව කිසිදු සංවේදීකමක් ආණ්ඩුවට නැතැයි ද ප්‍රකාශ කළේය.
ගොවිජන දුක විමසන ගොවි හදගැස්ම වැඩසටහනෙහි තවත් පියවරක් ඊයේ (12) අනුරාධපුර කලාවැව ආසනයේ එප්පාවල කටියාව දී පැවති අතර ඊට සහභාගී වෙමින් හෙතෙම මේ බව අවධාරණය කළේය.