මේ රට වැටුණේ කොවිඩ් නිසා නෙමෙයි, මෛත්‍රී රනිල් ආණ්ඩුව නිසයි…!

October 11, 2021 at 11:26 pm | by emanisa.lk

මේ රට අද පත්ව ඇති තත්ත්වයට ශ්‍රීලනිපයේ පිරිසක් ද වගකිව යුතු බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

ආර්ථික කඩා වැටීමට මෙන් ම පාස්කු ප්‍රහාරයට ද මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ වගකිව යුතු බව ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

වී කිලෝවක මිල රු. 30ට වැටීමට ද පළාත් සභා ඡන්ද කල් තැබීමට ද වගකිව යුත්තේ ඔවුන් දෙපළ බව රොෂාන් රණසිංහ අවධාරණය කරයි.

අදත් ආණ්ඩුවේ සිටිමින් කකුලින් අඳින මෛත්‍රීපාල සිරිසේනලා ආණ්ඩුවේ සිටිය නොහැකි නම් ඉවත්ව යා යුතු බව සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *